Monday 2 November 2009

'පැරණි' මිතුරන්ට


මහත්වරුනේ,... එන්න
බඩ මහත.
කෙස් හිඳෙන තට්ට ගෙඩි පිරිමදින.
පුරාගෙන මදුවිත
තෙල් පිරුණු
ඌරුමස් තසිමට ඔරවන
නහර තුල කැටි ගැහෙන
මේදමය තට්ටුවට බය වෙන
ඇවිල්ලා ඉඳ ගන්න
මේසයේ හිස් පුටු බොහෝමය


එකල අප මිතුරන් ය.
එක බත් පතට වට වෙන,
බිත්තර කහ මදය
හරි අටට බෙදාගෙන කන
මතක ද
බිම වැටෙන අවි ගන්නට,
රණබිම දිවි පුදන්නට
නිර්ධන බලය රජයන
ධජ නඟන්නට දිවුරන
.........

බෑ කියපු කෙල්ලගේ මතකය
ඇස් අග කඳුලු පුරවන
පදම වැඩි වී ගිය කල
ගුණදාස කපුගේත් පරදන

මහත්වරුනී කියන්
පන්තියේ එකට හිටි
ත්‍රී වීල් එක දුවන නිමලෙයා
නොදැක්කා වාගේ හැමදාම
පහු කරන් යන්නෙ කොහොමද..?

4 comments:

  1. තුසිත් අයියේ....හරිම සතුටුයි.....!!!

    ReplyDelete
  2. හිතේ පිරි සතුටින
    මා කළෙ මගේ කාරිය..
    නොබලා මහන්සිය
    දැන් ඉතින් කවි ලියපිය...

    ReplyDelete
  3. තිත්ත උනත් ඕක තමා ඇත්ත...,
    අර්ථාන්විතයි සහෝ..!
    ජය..!

    ReplyDelete
  4. තුසිත් ගේ නිර්මාණ රස විඳින්නට ලැබීම ලොකු සතුටක්.
    මේ කවියත් එක්ක මට දැනුන දේ වෙනුවෙන් කවියක් ලියනු විනා අන් යමක් මෙතැන ලිවීම නිරර්ථක හෝ අසාර්ථක ක්‍රියාවක් වනු ඇතැයි ම‍ට සිතේ. මන්ද යත් මෙය කවියක් ලෙස එහි උපරිම දුර ගමන් කරමින් සිටීමයැයි මට සිතේ...

    ReplyDelete